වින්ඩෝස් එක්ස්පී යනු, ගෘහස්ත සහ ව්‍යාපාරික පරිගණක, ලැප්ටොප් පරිගණක සහ මාධ්‍ය මධ්‍යස්ථානද ඇතුළු පෞද්ගලික පරිගණකයන්හී භාවිතය සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිෂ්පාදිත මෙහෙයුම් පද්ධතියකි. 2001, අගෝස්තු 24 දිනදී හා පුරා කියා පරිගණක නිෂ්පාදකයන් වෙත නිකුත්කෙරුණු මෙය [1] එය ස්ථාපනය කොට භාවිතා කරන පරිශීලක සමුදායෙහි ප්‍රතිචාර පරිදී වින්ඩෝස්හී දෙවන විශාලතම ලෙසින් ජනප්‍රිය අනුවාදය වෙයි. [2]"එක්ස්පී" "XP" යන නම "eXPerience" යන්න වෙනුවෙන් භාවිතා වන කෙටි නමකි. [3]
වින්ඩෝස් 2000 සහ වින්ඩෝස් Me යන්නන්ගේ අනුප්‍රාප්තිකයා වන වින්ඩෝස් එක්ස්පී, මයික්‍රොසොෆ්ට් විසින් වින්ඩෝස් NT කර්නලය මත පදනම්ව නිපැයුනු පළමු පාරිභෝගික-දිශානත මෙහෙයුම් පද්ධතිය වෙයි. 2001 ඔක්කොම්බර් 25 දිනදී ලොව පුරා සිල්ලර වෙළෙඳපොළට වින්ඩෝස් එක්ස්පී නිකුත්කෙරුණු අතර, 2006 ජනවාරි වන විට මිලියන 400 ක් අභිබවන පිටපත් ප්‍රමාණයක් භාවිතයේ පැවතිණි.[4] 2008 ජූනි 30 වන ටිට වින්ඩෝස් එක්ස්පී හී සෘජු OEM සහ සිල්ලර වෙළෙඳාම නවතන ලදි. ඔවුන්ගේ පද්ධති නිමැවුම් (එකලස් කළ පරිගණක විකුණන කුඩා OEM) වැඩසටහන ඔස්සේ 2009 ජනවාරි 31 දක්වා මයික්‍රොසොෆ්ට් විසින් වින්ඩෝස් එක්ස්පී විකිණීම කරගෙන යන ලදි.[5][6]
No comments:
Post a Comment